ඉල්ලා අස්වන බව ජනපති රනිල්ට ත් දන්වයි

ඉල්ලා අස්වන බව ජනපති රනිල්ට ත් දන්වයි

by Staff writer 11-07-2022 | 12:45 PM

COLOMBO (News 1st); පෙර ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙනු ලැබූ  බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

කෙසේ වෙතත් පෙරේදා රටේ ඇති වූ තත්ත්වයෙන් පසු පක්ෂ නායකයින් කතානායකවරයා හමුවී දැනුම් දුන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බවයි. ඒ අනුව අදාළ යෝජනාව කථානාවකරයා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසු ලබන බදාදා (13) තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නේ ය.