by Sagarika Chathumali 11-07-2022 | 2:26 PM
COLOMBO(News 1st) – ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සො අබේගේ අභාවය වෙනුවෙන් ජූලි 12 මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කරන්නේ, එදින රජයේ නිවාඩු දිනයක් නොවන බවයි.
නාරාහි දේශනයක් පවත්වමින් සිටින අතරතුර වෙඩි ප්‍රහාරයක් එල්ලවූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ පසුගිය 8 වැනිදා ජීවිතක්ෂයට පත්විය.
ගිනි අවි භාවිතය තහනම් රටක් වන ජපානයේ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ, හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ පපු ප්‍රදේශයටයි.