by Sagarika Chathumali 11-07-2022 | 1:21 PM
COLOMBO (News 1st) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දෙන පණිවුඩ නිකුත් කරනු ලබන්නේ, කතානායකවරයා විසින් පමණක් බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටින්නේ, ජනාධිපතිවරයා නිකුත් කරන සියලු පණිවුඩ කතානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව එතුමා විසින් නිකුත් කෙරෙන බැවින් කතානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිල නිවේදන ලෙස සලකන ලෙසයි.
මේ අතර පසුගිය 9 වනදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත්
ඒ අනුව, ජූලි 13 වැනි බදාදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ජනාධිපතිවරයා නිල වශයෙන් තමන්ට දැනුම්දුන් බවයි.