by Staff Writer . 10-07-2022 | 11:35 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඔස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (10) තුන් වැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් විය.
අද දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම, කඩුලු 6ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 431කි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 364ක් රැස් කළේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ,කුසල් මෙන්ඩිස් ලකුණු 85කට දැවී ගියේ අද දිනයේ පළමු කඩුල්ල ලෙසයි.
ටෙස්ට් පිටියේ 38 වැනි අර්ධ ශතකයද සමගින් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52ක් රැස් කිරීමට සමිත් විය.
මෙම තරයේදී ටෙස්ට් වරම් දිනූ කමිඳු මෙන්ඩිස් අද සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත්තේ ය.
දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ 13 වැනි ශතනය රැස් කිරීමට සමත් විය.
පන්දු 195කින් 4 පහර 8ක් සහ 6 පහරකින් ඔහු ඉනිම වර්ණවත් විය.
කමිදු මෙන්ඩිස් ලකුණු 61කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ලට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 5ක් පමණි.