නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට පහරදීම:වධහිංසා වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කළ යුතුයි
මාධ්‍ය ආවරණයක් සදහා ගිය නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට නීති විරෝධී සහ කෲර ලෙස පහර දීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලීසියේ නිලධාරීන්ට එරෙහිව වධහිංසා වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කල යුතු බව MTV චැනල් පුද්ගලික සමාගම පොලිස්පතිවරයාට අවධාරණය කළේය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යවමින් MTV චැනල් පුද්ගලික සමාගම පෙන්වා දෙන්නේ මෙම නිලධාරීන් 1994 වධදීම හා අනෙකුත් කෲර අමානුෂික හෝ අවමන් සහගත සැළකීම හෝ දඩුවම් වලට එරෙහිවූ සම්මුති පනෙතේ වගන්ති යටතේ චෝදනා ලැබිය යුතු බවයි.
MTV චැනල් පුද්ගලික සමාගම මෙම ලිපිය මගින් පොලිස්පතිවරයාගෙන් තවත් කරුණු 3 ක් විමසා තිබේ.
එම කරුණු 03 වනුයේ,
01. නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන්ට පහර දුන්නේ කාගේ නියෝගයක් යටතේද?
02. මෙම නීතිවිරෝධී හා කෲර ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව වහා ගත් විනය ක්‍රියාමාර්ගය කුමක්ද?
03. මාධ්‍ය නිදහස තහවුරු කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
MTV චැනල් පුද්ගලික සමාගම පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට යැවූ ලිපියෙන් අවධාරණය කරන්නේ, මාධ්‍ය ආයතනයක් ලෙස පැවරී ඇති වගකීම් ඉටු කිරීමේදී නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට, පොලිස්පතිවරයා විසින් හෝ ඔහුගේ නියෝග මත වෙනත් පාර්ශ්වයක් විසින් සිදුකරන බිය ගැන්වීමක් හෝ එවැනි උත්සාහයක් සිදු නොවන බවට සහතික වන ලෙසය.