මාධ්‍යවේදීන්ට පහර දීම ගැන අගමැති කණගාටුව පළ කරයි

මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශ පහර දීම ගැන අගමැති කණගාටුව පළ කරයි

by Staff writer 09-07-2022 | 8:53 PM

COLOMBO (News 1st) - පවතින විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහර දීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය නිදහස ප්‍රමුඛ බව අග්‍රාමාත්‍යවරයා පවසයි. ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංයමයෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලින් මෙන්ම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.