පොලිස් ඇඳිරි නීතිය උදෑසන 8.00ට ඉවත් කිරීමට පියවර

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 07කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 8ට ඉවත් කිරීමට පියවර

by Staff writer 09-07-2022 | 7:12 AM

COLOMBO (News 1st) – බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 07කට ඊයේ(08) රාත්‍රි 9.00 සිට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (09) උදෑසන 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ , මීගමුව , කැලණිය, නුගේගොඩ , ගල්කිස්ස , කොළඹ උතුර , කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය මෙසේ ඉවත් කරන බවය.