නිවුස් ෆස්ට් මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්

අගමැති නිවස අසලදී STF,නිවුස් ෆස්ට් මාධ්‍යවේදීන් 04 දෙනෙකුට පහර දෙයි

by Staff Writer . 09-07-2022 | 7:46 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසල නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය නිවුස් ෆස්ට් මාධ්‍යවේදීන් 04 දෙනෙකුට පහර දී තිබේ. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූද්ගලික නිවස ආසන්නයේ වාර්තාකරණයේ නිරත වෙමින් සිටියදී ය. පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් සියලු දෙනා මේවන විට රෝහල් ගත කර තිබේ.