by Staff writer 08-07-2022 | 8:12 PM
COLOMBO (News 1st) – අද (08) රාත්‍රී 9.00 සිට මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුරු / දකුණ / මධ්‍යම) පොලිස් කොට්ඨාශ සඳහා නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 ක සියලු පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
අදාළ පොලිස් කොට්ඨාසයන් පහත පරිදි වේ,
මීගමුව කොට්ඨාසය
කැලණිය කොට්ඨාසය
නුගේගොඩ කොට්ඨාසය
ගල්කිස්ස කොට්ඨාසය
කොළඹ (උතුර) කොට්ඨාසය
කොළඹ (දකුණ) කොට්ඨාසය
කොළඹ (මධ්‍යම) කොට්ඨාසය
අද (08) රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම පොලිස් බල ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.