විදුලි සංදේශ නියාමන කොමිසමෙන් පැහැදිලි කිරීමක්

දුරකතන සබඳතා අවහිර කරන්නැයි නිකුත් කළ බව කියන ලිපියේ සත්‍යතාවයක් නැහැ - විදුලි සංදේශ නියාමන කොමිසම

by Staff Writer . 08-07-2022 | 9:33 PM

COLOMBO (News 1st)- හෙට (09) උදෑසන 6‍.00 සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ නරගයේ දුරකතන සැපයුම් සේවා කටහඬ සන්නිවේදනයට පමණක් සීමා කරන්නැයි දුරකතන සේවා සැපයුම්කරුවන්ට විදුලි සංදේශ නියාමන කොමිසම්ෂන් සභාව යැවූ බව කියමින් සංසරණය වන ලිපියේ සත්‍යතාවයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ජයන්තද සිල්වා මහතා සඳහන් කරයි‍‍.

ඒම මහතා වැඩි දුරටත් සඳහන් කළේ, කිසිදු ආකාරයකින් සන්නිවේදන සීමා කිරීමේ ලිපියක් විදුලි සංදේශ නියාමන කොමිසම නිකුත් කර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද තමාගෙන් විමසීමක් කළ බව, ජයන්තද සිල්වා මහතා සඳහන් කළේ ය. විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අවධාරණය කරන්නේ කිසිදු ආකාරයකින් සමාජ මාධ්‍ය ජාලා අවහිර නොකරන බවයි