ඔස්ට්‍රේලියාවෙන් ශතක 02ක්..

ඔස්ට්‍රේලියාවෙන් ශතක 02ක්..

by Staff Writer . 08-07-2022 | 11:23 PM

COLOMBO (News 1st) - වෝන් - මුරලි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අද (08) ආරම්භ විය‍. ‍ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඔස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම , අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුළු 5 ක් දැවී ලකුණු 298 රැකර ‌ගෙන සිටියේ ය. කමිදු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය සහ මහීෂ් තීක්ෂණ අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්හ. උස්මන් කවාජා සහ ඩේවිඩ් වෝනර් අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 15 කි‍. වෝනර් ලකුණු 5 කට දැවී ගිය අතර කවාජා ලකුණු 37 රැස් කිරීමට සමත් විය. 7 වැනි ශතකය වාර්තා කළ මානස් ලබු‍ෂේන් ලකුණු 104 කට දැවී ගියේ ය. ට්‍රැවිස් හෙඩ් ලකුණු 12 කට දැවී ගිය අතර කැමරන් ග්‍රීන් ලකුණු 4 යි ලබා ගැනීමට සමත් විය‍. ස්ටීවන් ස්මිත් 28 වැනි ශතකය වාර්තා කළේ ය. දිනය නිමා වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ස්ටීවන් ස්මිත් 109 ක් සහ ඇලෙක්ස් කේරී ලකුණු 16 ක් ලබා සිටිහ ය. මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ප්‍රභාත් ජයසූරිය ලකුණු 90 කට කඩුළු 3 ක් දවා ගත් අතර කසුන් රාජිත හා රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.