ඇත් සටනින් පසු ඔත්පල වූ 'මහේශාක්‍ය' මියයයි

ඔත්පලව සිටියදීම පොරොවකින් පහරදී මහේශාක්‍යගේ ඇත් දළයක් කපා ගෙන ගිහින්.. .

by Staff Writer . 07-07-2022 | 4:53 PM

COLOMBO (News 1st) –කැබිතිගොල්ලෑව, තිත්තගෝනෑව ප්‍රදේශයේදී ඇතෙකු සමග ඇතිවූ ගැටුමකින් බරපතළ තුවාල ලබා සිටි ඇතා මියගොස් තිබේ.

බරපතළ තුවාල ලබා ඔත්පලව සිටියදී මහේශාක්‍ය නම් මෙම ඇතාගේ එක් දළයක් කපා ගෙන ගොස් තිබිණ. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ පශු වෛද්‍ය කණ්ඩායමක් ඇතාට ප්‍රතිකාර කළ ද එම සත්ත්වයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියවලට දරුණු හානි සිදුව ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රතිකාර ලබා දෙන අතරතුර එම ඇතාගේ එක් දළයක් කිසියම් පුද්ගලයෙකු කපා ගෙන යාම සම්බන්ධයෙන් පොලිසිය හා වනජීවි දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ පොරොවකින් පහරදී දළය කපා ගෙන ගොස් ඇති බවයි.