උද්ධමනය 70% දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

උද්ධමනය 70% දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

by Staff Writer . 07-07-2022 | 4:39 PM

COLOMBO (News 1st) –ශ්‍රී ලංකාවේ මතුපිට උද්ධමනය දැනට පවතින 50% මට්ටමේ සිට ඉදිරි මාසවලදී 70% දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති මාද්‍ය හමුකදී ය. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත ද ඉහළ දමා තිබේ. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% කි. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% දක්වා ඉහළ දැමූ බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.