ලිබියානු වැසියෝ වීථි බසිති

ඉහළ යන ජීවන වියදමට එරෙහිව ලිබියානු වැසියෝ වීථි බසිති

by Staff Writer . 07-07-2022 | 9:11 AM

COLOMBO (News 1st) – ඉහළ යන ජීවන වියදමට සහ දේශපාලන අස්ථාවරත්වයට විරෝධය පළ කරමින් ලිබියානු වැසියන් යළිත් වීදි බැස තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලිබියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ රැසක ජනතාව යළිත් විරෝධතා ආරම්භ කර ඇති බවයි. අඛණ්ඩ විදුලි කප්පාදුව, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ දේශපාලන අර්බුදයට වහා විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ලිබියානු වැසියන් පසුගිය සතියේ ද විරෝධතාවල නිරතවිය. පවතින සන්නද්ධ හමුදා ඉවත් කිරීම ද විරෝධතාකරුවන්ගේ තවත් එක් ඉල්ලීමකි. උත්සන්න වූ විරෝධතා හමුවේ ප්‍රකෝපකාරි වූ පිරිස් පසුගිය සතියේ ලිබියාවේ නැගෙනහිර ටොබ්රුක් නගරයේ පාර්ලිමේන්තුවට කඩා වැදී එහි කොටසකට ගිනි තැබී ය.