දුම්රිය අද (7) යථාතත්ත්වයට පත් වෙයි ද?

දුම්රිය අද (7) යථාතත්ත්වයට පත් වෙයි ද?

by Staff writer 07-07-2022 | 8:20 AM

COLOMBO (News 1st) – අද දිනයේ දුම්රිය සේවා යථා තත්ත්වයට පත් කිරීමට හැකි වෙතැයි දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

කෙසේවෙතත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මේ වන විට දුම්රිය ගමන් වාර 05 ක් අවලංගු කර ඇති බවයි. දුම්රිය නියාමකයින් රැසක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඊයේ දිනයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කෙරිණ. කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය සේවකයින්ට ඉන්ධන ලබා දීමට කඩිනම් ක්‍රමවේදයක් සකස් කරන බවට පොරොන්දු විමත් සමග දුම්රිය නියාමකයින් යළිත් සේවාවලට වාර්තා කිරීම ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මේ අතර අද දිනයේත් සාමාන්‍ය පරිදි බස් ධාවනයට යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් පෞද්ගලික බස් ධාවනය අදත් නිසි පරිදි සිදු කිරීමට නොහැකි වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසි ය.