වැල්ලවායේ පිරවුම්හලක කලහකාරී තත්ත්වයක්

වැල්ලවායේ පිරවුම්හලක කලහකාරී තත්ත්වයක්.. පුද්ගලයින් 13ක් අත්අඩංගුවට

by Staff Writer . 06-07-2022 | 8:37 AM

COLOMBO (News 1st) –  වැල්ලවාය නගරයේ ඉන්ධන පිරවුම්හලක ඊයේ රාත්‍රී ඇති වූ කලහකාරි සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැසුවේ, පිරවුම්හලේ ඉන්ධන තොග අවසන් වී ඇති බව දැනුම්දීමත් සමග කිසියම් පිරිසක් ගල්වලින් සහ බෝතල්වලින් පිරවුම්හලට පහර දී ඇති බවයි. එහිදී පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇතැයි, පොලිසිය පැවසී ය. සැකකරුවන් සමග යතුරු පැදි 20 ක් ද පොලිසිය භාරයට ගෙන තිබේ. ඔවුන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.