රනිල් මුදල් ඇමති ධුරයෙන් ඉවත් විය යුතුයි-ධම්මික

මෙහෙම දේවල් කරන්න මෙතනින් එහාට මම ඉඩ තියන්නේ නෑ - ඇමති ධම්මික

by Staff Writer . 06-07-2022 | 5:09 PM

COLOMBO (News 1st) –රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.

අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දේශපාලන ගේම් එක මෙතැනින් නතර කළ යුතුව ඇති බවයි. අමාත්‍යවරයා පවසන්නේ, ජනතාවගේ කුසගිනි නිවන ආකරය හෝ රටට අවශ්‍යව ඇති ඩොලර් ගෙනෙන ආකාරය සම්බන්ධයෙන් කිසිදු සැලැස්මක් ඔහුට නොමැති බවයි.
''එයාට ඩොලර් ‍ගේන හැම පොජෙක්ට් එකක්ම නවත්තනවා. මුදල් ඇමති විදියට, අගමැති විදියට මට ප්‍රශ්නයක් නෑ . අපි 10 ඉයර් මල්ටිපල් වීසා ඩොකියුමන්ට් එක හදලා කැබිනට් අනුමැතිය ගත්තේ,අදට මාසයක් වෙනවා ට්‍රෙෂරි එකේ මේක තියාගෙන ඉන්නවා. එයාගෙ හැබිට් එකක් තියෙනවා. ඩොලර් එනවා නම් මේ ප්‍රොජෙක්ට් එක නවත්තන්න ඕන කියලා මිනිස්සු 50 ක් විතර ඇවිල්ල ඉන්නවා ඩොලර්ස් දාලා ඒ වීසා එක ගන්න. තව 300 ක් විතර පෝලිමේ ඉන්නවා. රටට මෙහෙම දේවල් කරන්න මෙතනින් එහාට මම ඉඩ තියන්නේ නෑ''