ජනපති සහ රුසියානු ජනපති අතර දුරකතන සාකච්ඡාවක්

ජනපති සහ රුසියානු ජනපති අතර දුරකතන සාකච්ඡාවක්

by Staff Writer . 06-07-2022 | 9:07 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා අතර අද (06) දුරකතන සාකච්ඡාවක් සිදුකර තිබේ.

එහිදී මෙරට ඉන්ධන ආනයනය සඳහා ණය ආධාරයක් ලබා දෙන ලෙස තමන් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ. මීට අමතරව මෙරට සමග එරෝෆ්ලොට් ගමන් යළි අරඹන ලෙස ද ජනාධිපතිවරයා රුසියානු ජනපතිගෙන් ඉල්ලා තිබේ.