ජනපති මන්දිරය ඉදිරිපිට විරෝධතා කළ හිරුණිකා අත්අඩංගුවට

by Staff Writer . 06-07-2022 | 4:45 PM

COLOMBO (News 1st);කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක නිරත වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කිහිපදෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව අබියස ජනධිපතිවරයාට එරෙහිව විරෝධය පළ කළහ.