by Staff writer 06-07-2022 | 10:40 AM
COLOMBO (News 1st) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ සිද්ධියකදී රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේ වාර්තාව ලබාදීම තවත් දින දෙකක් ප්‍රමාද වන බව පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මෙජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඔහු සඳහන් කළේ සිද්ධියට අදාළව තවත් රැඳවියන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඇති බැවින් එම වාර්තාව ලබාදීමට එහි සාමාජිකයින් කල් ඉල්ලූ බවයි.
ඒ අනුව වාර්තාව සිකුරාදා දිනයේ තමන්ට භාරදීමෙන් පසු එදිනම විෂය භාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වෙත එය භාරදීමට කටයුතු කරන බව ද ඔහු පැවසී ය.
මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථායේ ඇතිවූ සිද්ධියේදී මියගිය රැඳවියාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පොළොන්නරුව මහ රෝහලේ දී පැවැත්විණ.
එහිදි හෙළි වී ඇත්තේ අදාළ මරණය මොට ආයුධවලින් පහරදීමෙන් ශරීරයේ ඇතිවූ තැලීම් හේතුවෙන් හටගත් සංකූලතා හේතුවෙන් සිදුව ඇති බවයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා හා ගුවන් හමුදා සාමාජිකයින් 4 නා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.