කන්දකාඩු⁣ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මිය ගිය තරුණය අවසන් ගමන් යයි

කන්දකාඩු⁣ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මිය ගිය තරුණය අවසන් ගමන් යයි

by Staff Writer . 06-07-2022 | 9:10 PM

COLOMBO (News 1st) - පොළොන්නරු ,කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මිය ගිය රැඳවියාගේ අවසන් කටයුතු අද (06) සිදුකෙරිණි.

ඒ්, ඔහු පදිංචිව සිටි හාලිඇල, උඩුවර ප්‍රදේශයේදීය‍. ප්‍රදේශවාසීන් මිය ගිය තරුණයාගේ දේහය බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ග රැගෙනවිත් විරෝධතාවක නිරත වූයේ මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස බලකරමිනි. විරෝධතාකරුවන් බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ, හාලිඇල, උඩුවර 7 කණුව ප්‍රදේශයෙන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත විය. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට මැදිහත් වීමට සිදුවිය. පොලීසිය සමග සාකච්ඡා කිරීමෙන් පසු, මියගිය රැඳවියාගේ අවසන් කටයුතු හාලිඇල , උඩුවර වතුයායේ දී සිදුකෙරිණ‍ි. කෙසේවෙතත් පොළොන්නරු, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළදී මෙම තරුණයා මොට ආයුධයකින් පහරදී ඇතිවූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී තිබේ.