ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කින් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කින් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කින් පහළට

කර්තෘ Staff Writer .

06 Jul, 2022 | 8:51 pm

COLOMBO (News 1st) – පසුගිය දින දෙක තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කින් කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

අද (06) ඇමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවට පැමිණි අතර, බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 104 සීමාවට පැමිණ තිබේ.

මීට මාසයකට පමණ පෙර අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරල් එකක් අමෙරිකානු ඩොලර් 122කට ආසන්නව ඉහළ ගොස් තිබූ අතර බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බැරල් එකක් ඩොලර් 124 සීමාවට අසන්නව පැවතුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]