නිමල් සිරිපාල ද සිල්වා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

නිමල් සිරිපාල ද සිල්වා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

නිමල් සිරිපාල ද සිල්වා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කර්තෘ Staff Writer .

06 Jul, 2022 | 3:55 pm

COLOMBO (News 1st) – නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (06) වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපතිවරයාට යැවූ ලිපියේ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ජපානයේ, තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලස් ගත් බවට විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් ස්වාධීන පරීක්ෂණයක් අපේක්ෂාවෙන් මෙසේ ඉල්ලා අස්වන බවයි.

මෙම ප්‍රකාශයට අදාළ අමාත්‍යවරයා තමන් නොවුණත් අදාළ සමාගම විසින් ක්‍රියාත්මක කරන ව්‍යපෘති, තම විෂයට අදාළ බැවින් මේ පරීක්ෂණය බලාපොරොත්තුවන බව නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද නියෝග කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]