English
தமிழ்
කර්තෘ Staff writer
06 Jul, 2022 | 8:49 am
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, අද උදෑසන ධාවනය කිරීමට නියමිත කාර්යාලීය දුම්රිය 50 න් ධාවනය කිරීමට හැක්වන්නේ දුම්රිය 26 ක් පමණක් බවයි.
වෙන් කළ ආසන සහිත දුරගමන් සේවා දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට සැලසුම් කළ බව ඔහු පැවසී ය.
මීට අමතරව කෙටි දුර ධාවනය වන දුම්රිය ධාවනයට ද බාධා මතුව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
දුම්රිය නියාමකවරුන් රැසක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය සිමා කිරීමට සිදුව ඇති බව ද ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.
දුම්රිය ධාවනාගාරවල සේවකයින් ද ඊයේ දිනයේ වැඩවර්ජනයක නිරත වූයේ සේවයට වාර්තා කිරීම සඳහා සිය පෞද්ගලික වාහනවලට ඉන්ධන ලබාදිමේදි ඇතිවූ ගැටලුවක් මුල් කර ගනිමිනි.
මේ අතර ඉන්ධන හිගය හේතුවෙන් සේවකයින්ට සේවාවලට වාර්තා කිරීමේදී ගැටලු රැසක් මතුව ඇති බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් මනුර පීරිස් මහතා පැවසුවේ, මේ හේතුවෙන් බොහෝ දුම්රිය අද උදෑසන අවලංගු කිරීමට සිදුවන බවයි.
12 Aug, 2022 | 08:24 PM
12 Aug, 2022 | 06:48 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS