කන්දකාඩු⁣ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මිය ගිය තරුණය අවසන් ගමන් යයි

කන්දකාඩු⁣ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මිය ගිය තරුණය අවසන් ගමන් යයි

කන්දකාඩු⁣ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මිය ගිය තරුණය අවසන් ගමන් යයි

කර්තෘ Staff Writer .

06 Jul, 2022 | 9:10 pm

COLOMBO (News 1st) – පොළොන්නරු ,කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මිය ගිය රැඳවියාගේ අවසන් කටයුතු අද (06) සිදුකෙරිණි.

ඒ්, ඔහු පදිංචිව සිටි හාලිඇල, උඩුවර ප්‍රදේශයේදීය‍.

ප්‍රදේශවාසීන් මිය ගිය තරුණයාගේ දේහය බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ග රැගෙනවිත් විරෝධතාවක නිරත වූයේ මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස බලකරමිනි.

විරෝධතාකරුවන් බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ, හාලිඇල, උඩුවර 7 කණුව ප්‍රදේශයෙන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත විය.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට මැදිහත් වීමට සිදුවිය.

පොලීසිය සමග සාකච්ඡා කිරීමෙන් පසු, මියගිය රැඳවියාගේ අවසන් කටයුතු හාලිඇල , උඩුවර වතුයායේ දී සිදුකෙරිණ‍ි.

කෙසේවෙතත් පොළොන්නරු, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළදී මෙම තරුණයා මොට ආයුධයකින් පහරදී ඇතිවූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]