සාර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න ජනපතිට ලිපියක්

වහා සාර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සමාග්‍රී මහා සංඝ සභාව ජනපතිට දැනුම් දෙයි

by Staff Writer . 05-07-2022 | 9:48 PM

COLOMBO (News 1st) - වහා සාර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සමාග්‍රී මහා සංඝ සභාව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ඒ් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි. එම සංඝ සභාව අවධාරණය කරන්නේ, රටේ ඉදිරි ගමනට ශක්තියක් වන බැවින් කඩිනමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද බලාත්මක කරන ලෙසයි.