ලංකාපුර ප්‍රා. ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ඝාතනය

ලංකාපුර ප්‍රා. ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ඝාතනය: සැමියා අත්අඩංගුවට

by Staff writer 05-07-2022 | 4:44 PM

COLOMBO (News 1st) –පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් 41 හැවිරිදි ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, සිය බිරිඳ ඝාතනය කළ බවට සැකකාර ස්වාමි පුරුෂයා පිළිගෙන ඇති බවයි. ඊයේ අලුයම ඇය නිවසේ ඇඳක් මත නිදාගෙන සිටියදී හිසට පොරවකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. එම අවස්ථාවේදී ඇගේ 11 හැවිරිදි හා 4 හැවිරිදි ගැහැනු දරුවන් දෙදෙනා ද සිට ඇතැයි පොලිසිය පැවසී ය. මියගොස් ඇත්තේ ලංකාපුර තල්පොත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරු මවකි. නිවසට සොරුන් පැන ඇයට පහරදි ඝාතනය කළ බවට සැකකාර සැමියා පොලිසියට මුලින් පවසා තිබිණ.