ජීවන වියදම පිළිබඳ ඇමති අනුකාරක සභාවක්

ජනපතිගේ සභාපතීත්වයෙන් ජීවන වියදම පිළිබඳ ඇමති මණ්ඩල අනුකාරක සභාවක්

by Staff Writer . 05-07-2022 | 2:23 PM

COLOMBO (News 1st) – ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කර තිබේ.

කමිටුවට තවත් සාමාජිකයෝ 7 දෙනෙක් ඇතුළත් වෙති. ජීවන වියදම ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු හා විසඳුම් මෙම කමිටුව හරහා ගැනීමට නියමිතයි. මේ අතර, හෙක්ටයාර 02 ක් හෝ ඊට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මගින් ලබා ගෙන ඇති නොගෙ වූ ගොවි ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. පවතින අර්බුද මත ගොවීන් රැසකට ණය ගෙවා ගැනීමට නොහැකිව ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරි මහකන්නයේ වී වගාව සඳහා අවශ්‍ය ණය මුදල් ලබා ගැනීමට බොහෝ ගොවින් නුසුදුස්සන් වීමට ඉඩ ඇති හෙයින් මුදල් අමාත්‍යවරයා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ය.