ගෝඨාගෝගමදී එළිදැක්වුණු ක්‍රියාකාරී සැලැස්ම

ගෝඨාගෝගමදී එළිදැක්වුණු ක්‍රියාකාරී සැලැස්ම

by Staff Writer . 05-07-2022 | 9:45 PM

COLOMBO (News 1st) - ගෝඨාගෝගම අරගලයේ ක්‍රියාකාරීහු අද (05) සිය ක්‍රියාකාරී සැලැස්ම ජනගත කළහ.

අරගලයේ ක්‍රියාකාරීන්‌ගේ සැලැස්මට අදියර 6 ක් ඇතුළත් වේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් කැබිනට් මණ්ඩලයත්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් ද ඉල්ලා අස්වීම එහි මූලික කරුණකි. ගෝඨා - රනිල් ආණ්ඩුව ඉවත්වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික, සාමාජීය, දේශපාලන අරමුණු සහ අභිප්‍රායන්ට අනුකූල අන්තර් පාලනයක් බිහිවිය යුතු බවත් ජනතා අරගලයේ නියෝජිතයින්ට එම අන්තර් පාලනයට සම්බන්ධවීම සඳහා මහජන කවුන්සිලයක් ස්ථාපිත කිරීමත් අරගලයේ ක්‍රියාකාරී සැලැස්මේ තවත් කොටසකි. අන්තර් කාලීන පාලන ව්‍යුහය මාස 12 ක උපරිමයකට සීමා විය යුතු අතර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමෙන් එය අවසන් විය යුතු බවද අරගලයේ ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් වේ.