ගංජා ප්‍රවාහනය කළ ජීප් රථයක් පොලිස් භාරයට

ගංජා ප්‍රවාහනය කළ පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයක් පොලිස් භාරයට

by Staff writer 05-07-2022 | 6:04 PM

COLOMBO (News 1st) - ගංජා ජාවාරම සඳහා යොදා ගත් ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

ඒ, පොලිස් ජීප් රථයකින් ගංජා ජාවාරම් සිදු කරන බවට ලද තොරතුරුකට අනුව කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකිනි. පොලිස් ස්ථානාධිපතිවරයෙකු භාවිත කරන ආකාරයට ජීප් රථය සකස් කර ගංජා ජාවාරම සිදු කර තිබේ. මාස 06 ක පමණ කාලයක සිට මෙම ජීප් රථය යොදා ගනිමින් ගංජා ජාවාරම කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. සැකකරු විසින් පොලීසිය භාවිත කරන ජීප් රථවලට සමාන කළු පැහැති ජීප් රථයක් ගෙන එය නිල් පැහැයට වර්ණ ගන්වා ඉදිරිපස ප්‍රභූ විදුලි පහන් ද සවි කර තිබූ බව විමර්ශනවලින් අනාවරණ විය. සැකකරුට එරහිව ගංජා ජාවාරම සම්බන්ධයෙන් නඩු විභාග වෙමින් පවතින අතර, නීති විරෝධි කටයුතු සඳහා මෙලෙස ජීප් රථයක් සකස් කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ජීප් රථය දොඩංගොඩ පොලීසියට භාර දී තිබේ.