ජනපතිට විපක්ෂ මන්ත්‍රී විරෝධය හමුවේ පාර්ලිමේන්තුව

අගමැතිගේ විශේෂ ප්‍රකාශය අතරේ විපක්ෂ මන්ත්‍රීන්ගෙන් ජනපතිට විරෝධය

by Staff Writer . 05-07-2022 | 12:03 PM

COLOMBO (News 1st) –  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ප්‍රගතිය පිළිබඳව සහ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, අනුර කුමාර දිසානායක පවසන පරිදි මාස 6ක් ඇතුළත වත්මන් ආර්ථික අර්බුදය විසඳිය හැකි නම්, ඔහුට අවස්ථාව ලබා දි අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට තමා සුදානම් බවයි. එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කළ අතර, පාර්ලිමේන්තුවේ කටයුතු මිනිත්තු 10 කට කල් තැබීමට කතානායකවරයා පියවර ගත්තේ ය. https://www.youtube.com/watch?v=6LcKDGkKye8&t=161s