English
தமிழ்
කර්තෘ Staff Writer .
05 Jul, 2022 | 9:20 pm
යුද හමුදාව නිවේදනය කළේ, යුද හමුදාපතිවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල විමර්ශන අධිකරණයේ නිර්දේශ ලැබෙන තුරු ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරීවලින් ඉවත් කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය මගින් ද වෙනමම විමර්ෂණයක් පවත්වන අතර, ඒ සඳහා ප්‍රකාශ සටහන් කර ගනිමින් ඇතැයි යුද හමුදාව සඳහන් කළේ ය.
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෙම සිද්ධිය විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා බල සේනාධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල විමර්ෂණ අධිකරණයක් පත් කර තිබේ.
මේ අතර කුරුණෑගල, යග්ගපිටිය ඉන්ධන පිරවුම්හලකදී යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙකු සිවිල් වැසියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම අද (05) ආරක්ෂක ලේකම්වරයා කැඳවා කරුණු විමසා ඇත.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල්, කමල් ගුණරත්න මහතා අද (05) පෙරවරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණියේ ය.
මේ අතර ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එම රාජකාරිවලින් ඉවත් කිරීම, සිදුවිය හැකි බව, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රීතව ඇතිවන කලහකාරී තත්ත්වයන් හමුවේ, විවිධ පාර්ශව ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එම රාජකාරිවලින් ඉවත් කරගන්නැයි, කරනු ලබන ඉල්ලීම් මත පදනම්වයි.
අමාත්‍යාංශ ලේකම්, එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, රාජකාරි කටයුතුවලින් ත්‍රිවිද හමුදා සාමාජිකයින් ඉවත් කරගැනීමේ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් නමුත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවයි.
ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන්, පාතාල කණ්ඩායම් සහ කඩාකප්පල්කාරී කණ්ඩායම් කරනු ලබන විවිධ සිදුවීම් මුල්කරගනිමින්, ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ක ලහකාරී සිදුවීම් ඇති වන බව, මේ වන විට අනාවරණ වී ඇතැයිද, අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.
ඉන්ධන පිරවුම්හල් ආශ්රිත ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යෙදවීම ප්‍රමාණවත් නොවීම හමුවේ, ත්‍රිවිද හමුදා සාමාජිකයින්ගේ සහය අදාළ රාජකාරි සඳහා ලබා ගත් බවද, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අමාත්‍යාංශ ලේකම්, එස් .හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, සිවිල් පාලන කටයුතු පොලිසිය මගින් සිදුකර, අවශ්‍යම අවස්ථාවක පමණක් ත්‍රිවිධ හමුදා සහය ලබා ගන්නැයි, සියලු අංශවලට උපදෙස් දී ඇති බවයි.
16 Aug, 2022 | 08:53 AM
16 Aug, 2022 | 07:05 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS