පිරවුම්හල් ආශ්‍රිත රාජකාරීවලින් හමුදාව ඉවත් කර ගනී ද?

පිරවුම්හල් ආශ්‍රිත රාජකාරීවලින් හමුදාව ඉවත් කර ගනී ද?

පිරවුම්හල් ආශ්‍රිත රාජකාරීවලින් හමුදාව ඉවත් කර ගනී ද?

කර්තෘ Staff writer

05 Jul, 2022 | 4:28 pm

COLOMBO (News 1st) – ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව යොදා සිටින ත්‍රිවිද හමුදා සාමාජිකයින් එම රාජකාරිවලින් ඉවත් කිරීමට සිදුවිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒ, ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන කලහාකාරී තත්ත්වයන් හමුවේ, විවිධ පාර්ශව ත්‍රිවිද හමුදා සාමාජිකයින් එම රාජකාරිවලින් ඉවත් කරගන්නැයි, කරුණු ලබන ඉල්ලීම් මත පදනම්වයි.

අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, රාජකාරි කටයුතුවලින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කර ගැනීමේ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති නමුත්, ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවයි.

ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන්, පාතාල කණ්ඩායම් සහ කඩාකප්පල්කාරී කණ්ඩායම් කරනු ලබන විවිධ සිදුවීම් මුල්කරගනිමින්, ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව කළහාකාරී සිදුවීම් ඇති වන බව මේ වන විට අනාවරණ වී ඇතැයි ද අමාත්‍යාංශ ලේකම්වරයා පැවසී ය.

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යෙදවීම ප්‍රමාණවත් නොවීම හමුවේ, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහය අදාළ රාජකාරි සඳහා ලබා ගත් බව ද, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, සිවිල් පාලන කටයුතු පොලිසිය මගින් සිදුකර, අවශ්‍යම අවස්ථාවක පමණක් ත්‍රිද හමුදා සහය ලබා ගන්නැයි, සියලු අංශවලට උපදෙස් දී ඇති බවයි.

පවතින ඉන්ධන හිඟය හමුවේ, මෙවැනි ගැටලු තවතවත් වැඩි විමේ අවදානමක් පවතින බව ද, ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]