මෛත්‍රී හා සජිත් අතර වි‌ශේෂ සාකච්ඡාවක්

හිටපු ජනපති මෛත්‍රී හා විපක්ෂ නායක අතර වි‌ශේෂ සාකච්ඡාවක්

by Staff writer 04-07-2022 | 3:12 PM

COLOMBO (News 1st); හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මේ වන විට පැවැත්වේ.

විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ, ජාතික ප්‍රතිසංස්කරණ සහ ඉදිරි ගමන වැඩසටහනේ තීරණාත්මක හමුවක් ලෙස මේ සාකච්ඡාව පැවැත්වෙන බවයි. වික්ටර් අයිවන්, ගාමිණි වියන්ගොඩ , කේ.ඩබ්ලිව් ජනරංජන යන මහත්වරු ඇතුළු සිවිල් ක්‍රියාකාරිහු හා දේශපාලන නායකයෝ කිහිප දෙනෙක් ද මේ සාකච්ඡාවට එක්ව සිටිති.