by Staff Writer . 04-07-2022 | 12:07 AM
COLOMBO (News 1st) – 'The Voice Teens Sri Lanka 2022' කිරුළ බණ්ඩාරවෙල ප්‍රනීර්ෂා ත්‍යාගරාජා හිමි කර ගත්තා ය.
තාරුණ්‍යයේ හඬ පෞර්ෂ ලොවට විදහා දක්වන The Voice Teens Sri Lanka අවසන් මහා තරගය අද පැවැත්වුණේ, රත්මලාන, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ය.
ක්ෂේත්‍රයේ ජනකාන්ත ප්‍රවීණයින් සිව් දෙනකුගේ පුහුණුවෙන්, නව යොවුන් හඬ පෞර්ෂ 4 ක් අද රාත්‍රියේ එකම කිරුළක් උදෙසා තරග කළහ.
මෙතරම් අසීරු හා අභියෝගාත්මක කාල සීමාවක මෙම තරගය පැවැත්වුණේ, එය ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ ජවය ලෝකයට පෙන්වීමට ඇති කදිම අවස්ථාවක් වූ බැවිනි.
කෙතරම් බාධක පැමිණිය ද අඛණ්ඩව මෙම වැඩසටහන ඉදිරියට රැගෙන ගියේ එම තරුණ තරුණියන්ගේ ජවය පෙන්වීමට වේදිකාවක් ලබා දෙමිනි.
අද තරගය එක් අයෙකු ජයග්‍රහණය කළත් මෙම අවස්ථාව හරහා ගොඩනැගුණ විශාල තරුණ තරුණියන් පිරිසක් හෙට දිනයේ ක්ෂේත්‍රයට පිවිසෙනු ඇති.