පළාත් පාලන මැතිවරණය පවත්වයි ද?

පළාත් පාලන මැතිවරණය පවත්වයි ද?

by Staff writer 04-07-2022 | 6:35 AM

COLOMBO (News 1st) - ලබන සැප්තැම්බර් 20 වැනි දායි පසුව දේශපාලන පක්ෂ සමග සාකච්ජා කර රටේ වාතාවරණය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

දැනට ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කරමින් මැතිවරණය ලබන වසරේ මාර්තු දක්වා කල් දැමීමට විෂයභාර අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.