ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 04-07-2022 | 6:00 AM
1. ප්‍රනීර්ෂා ත්‍යාගරාජා The Voice Teens Sri Lanka 2022 කිරුළ හිමිකර ගනී - ‘The Voice Teens Sri Lanka 2022’ කිරුළ බණ්ඩාරවෙල ප්‍රනීර්ෂා ත්‍යාගරාජා හිමි කර ගත්තා ය. 2. යුපුන් අබේකෝන්ගෙන් තවත් වාර්තාවක්.. - ස්විට්සර්ලන්තයේ පැවති මලල කීඩා තරගාවලියකදී මීටර් 100 ඉසව්වට තත්පර 9.96ක කාලයක් සටහන් කළ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එම ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව පිහිටුවීමට සමත් විය. 3. නිලධාරීන් අත්‍යවශ්‍ය සේවාවලින් බැහැරවුවොත් මහජන කැළඹීම උග්‍රවීමෙන් ඇතිවන ප්‍රතිවිපාකවල වගකීම රජය භාරගත යුතුයි – ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය - නිලධාරීන් කලකිරීමට පත්ව අත්‍යවශ්‍ය සේවාවලින් බැහැරවුවහොත් දැනට පවතින මහජන කැළඹීම උග්‍රවීමෙන් ඇතිවන අනිටු ප්‍රතිවිපාකවල වගකීම, රජය භාරගත යුතු බව, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කරයි. 4. ඖෂධ හිඟයක් ඇතිවීමට හේතුව රජයේ විගණකාධිපති සොයා ගනී - රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ප්‍රධානතම හේතුව විනිමය හිඟය නොවන බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ. 5. හෙට සිට ජූලි 08 වැනිදා දක්වා පාසල්වලට නිවාඩු - අද (04) සිට ජූලි 08 වැනිදා දක්වා දිවයින පුරා සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.