ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ගංවතුරින් බලපෑම්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ගංවතුරින් බලපෑම්

by Staff writer 04-07-2022 | 8:28 AM

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ගංවතුරින් බලපෑම් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් දහස් ගණනක් නිවාසවලින් ඉවත් කර ඇති බවයි. ගංවතුරට හසුව පුද්ගලයෙකු මියගොස් ඇත. හදිසි සේවා අමාත්‍ය ස්ටෙෆනි කුක් ආපදා තත්ත්වය හමුවේ නිව් සවුත්වෙලස් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය ජන ජීවිතයට තර්ජනයක් වන බවයි. පසුගිය මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණු ගංවතුරෙන් පුද්ගලයන් 20 දෙනෙකුට දිවි අහිමි විය. ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කළේ, සිඩ්නි නුවර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 350 ක පමණ වර්ෂාපතනයක් මේ වනවිට වාර්තා වී ඇති බවයි.