ඉන්දියාවේ නායයෑමකින් ජීවිත 42 ක් මිහිදන්

ඉන්දියාවේ නායයෑමකින් ජීවිත 42 ක් මිහිදන්

by Staff Writer . 04-07-2022 | 4:47 PM

COLOMBO (News 1st):ඉන්දියාවේ, මනිපූර් ප්‍රාන්තයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 42 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, තවත් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන්වී ඇති බවයි. දුම්රිය මාර්ගයක ඉදිකිරීම් සිදු කරන ස්ථානයක් ආශ්‍රිතව නාය යෑම සිදුව ඇතැයි සඳහන් ය. මේ දිනවල ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ඇසෑම්, මනිපූර් ආදී ප්‍රාන්තවලට මෝසම් වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.