මුහුදු රළ පහරට හසු වී තරුණියක් මරුට

මුහුදු රළ පහරට හසු වී තරුණියක් මරුට

by Staff writer 03-07-2022 | 1:02 PM
පමුණුව, උස්වැටකෙයියාව ප්‍රදේශයේ මුහුදු රළ පාගමින් සිටි කාන්තාවක් රළ පහරට හසු වී දියේ ගිලී මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මියගිය කාන්තාව තවත් පිරිසක් සමග උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයකට පැමිණ එහි පිටුපස මුහුදු තීරයේ රළ පාගමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවය. අධික රළ පහරට හසුව එම කාන්තාව මුහුදට ගසාගෙන ගොස් නැවත වෙරළට ගසා ගෙනවිත් තිබීයදී ඇය පමුණුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි බියන්විල, කඩවත පදිංචිකාරියකි. මේ අතර ගන්දර, තලල්ල සීතගල්ල නාන තටාකයේ දියනාමින් සිටි තරුණයින් තිදෙනෙකු මුහුදට ගසාගෙන ගොස් එක් අයෙකු අතුරුදන් වී තිබේ. පොලීසිය පැවසුවේ, බේරා ගැනුණු තරුණයින් දෙදෙනා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. රුහුණු විශ්වවිද්‍යාලයට අයත් කුඹුරුපිටිය ගම්උදාව තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන සිසුන් 17 දෙනෙකු දියනාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. අතුරුදන්ව ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකි. ප්‍රදේශවාසීන් පොලීසිය හා නාවික හමුදාව එක්ව අතුරුදන් වූ තරුණයා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.