පෙට්‍රල් සහ ඩීසල් නැව් එන දින ඇමති කංචන හෙළි කරයි

පෙට්‍රල් සහ ඩීසල් නැව් එන දින ඇමති කංචන හෙළි කරයි..

by Staff writer 03-07-2022 | 1:32 PM

COLOMBO (News 1st) - ජූලි 8 - 9 සහ ජූලි 11-14 අතර ඩීසල් නැව් 2 ක් දිවයිනට පැමිණෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එමෙන්ම පෙට්‍රල් නැවක් ජූලි 22 - 23 අතර සහ ජූලි 15-17 අතර තවත් ඩීසල් නැවක් ලබා ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. තව ද ජූලි 10 -11 අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 50,000ක් සහ භූමිතෙල් මෙට්‍රික් ටොන් 10,000ක් මලයාසියානු සමාගමකින් ලබා ගැනීමට සාකච්ඡා කර තිබේ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, දැන් කොළඹදී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදීය.