ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ICU

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී දැඩි සත්කාර ඒකකයට

by Staff writer 03-07-2022 | 9:01 AM

COLOMBO (News 1st) - රිය අනතුරකට ලක් වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා සැත්කමකින් අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව ජාතික රෝහල පවසයි.

ඒ, අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ කැබ් රථයට වන අලියෙකු ගැටීමෙන් බරපතල තුවාල ලැබීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට එවීමෙන් පසුවයි. අනතුරින් ජැක්සන් ඇන්තනි මහතා සමග තවත් දෙදෙනෙකු බරපතල තුවාල සිදුවිය. ඔවුන් දෙදෙනා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකු ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේයි.