නීති විරෝධීව විදෙස්ගතවීමට තැත් කළ 76ක් අත්අඩංගුවට

නීති විරෝධීව විදෙස්ගතවීමට තැත් කළ තවත් 76ක් අත්අඩංගුවට

by Staff writer 03-07-2022 | 2:40 PM

COLOMBO (News 1st) - ත්‍රිකුණාමලයට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධීව මෙරටින් සංක්‍රමණයවීමට උත්සාහ කළ පුද්ගලයින් 51 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඒ අතරට කාන්තාවන් 5 දෙනෙකු සහ ළමුන් 5 දෙනෙකු ද ඇතුළත් ය. ඔවුන් යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, ගම්පහ සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මේ අතර නීති විරෝධීව බෝට්ටු මගින් විදේශගතවීමට තැත් කළ පුද්ගලයින් 25 දෙනෙකු මාරවිල ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.