ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 03-07-2022 | 6:29 AM
1. ගාල්ල ඇතුළු ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට: මුහුදු නොයන ලෙසට ධීවරයින්ට අනතුරු ඇඟවීම්… - ඉදිරි පැය 24 තුළ කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටුයතු නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 2. කන්දකාඩු රැඳවියාගේ මරණය:අත්අඩංගුවට ගත් සිව්දෙනා රිමාන්ඩ් - කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා ලබන 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 3. තලල්ල මුහුදේ දිය නාමින් සිටි සරසවි සිසුවෙක් අතුරුදන් - මාතර, තලල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි අවුරුදු 22 ක සරසවි සිසුවෙක් ඊයේ (02) පස්වරුවේ අතුරුදන් වී තිබේ. 4. ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරී සිදුවීම් පාලනයට STF - ඉන්ධන පිරවුම්හල් අසල සිදුවන කලහකාරී තත්ත්වයන් පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්යය බලකාය(STF) කැඳවීමට තීරණය කර තිබේ. 5. පොලීසියට පාපැදි 4,000ක් - පොලිස් නිලධාරීන් සඳහා පාපැදි 4,000 ක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.