කොළොන්නාව ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටෙයි

කොළොන්නාව ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටෙයි

කොළොන්නාව ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටෙයි

කර්තෘ Staff writer

03 Jul, 2022 | 7:20 am

COLOMBO (News 1st) – කොළොන්නාව, රාජගිරිය ඇතුළු ප්‍රදේශ රැසකට අද (03) අලුයම සිට හදිසියේ ජල සැපයුම බිඳ වැටී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ, කොළොන්නාවට ජලය සපයන ප්‍රධාන නල මාර්ගයේ හදිසි බිඳ වැටීමක් ඊට හේතුවී ඇති බවයි.

මේ හේතුවෙන් කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, නාවල පාර, ඊට සම්බන්ධ අතුරු මාර්ග, නාවල විවෘත විශ්වවිද්‍යාලය සහ අවට ප්‍රදේශවලට ජල සැපයුම බිඳ වැටී තිබුණි.

අද (03) පෙරවරු 10.00 පමණ වනවිට ජල සැපයුම යථා තත්ත්වය පත් කිරීමට හැකි වනු ඇතැයි ජල සම්පාදනය මණ්ඩලය විශ්වාසය පළ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]