English
தமிழ்
කර්තෘ Staff writer
03 Jul, 2022 | 1:07 pm
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිං ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
ඒ අනුව වැලිවිටිය – දිවිතුර, බද්දේගම, කොටපොල, හික්කඩුව, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය, බෝපේ පොද්දල සහ ගාල්ල කඩවල් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි.
එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම ඒ හරහා ගමන් ගන්නා රියැදුරන් ඒ පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කරන්නැයි වාරිමාර්ග දොපර්තමේන්තුව දැනුම් දෙයි.
මේ අතර අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම රත්නපුර නගරය ආශ්රිත ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති අතර පහත්බිම් රැසක් ද ජලයෙන් යට වී ඇත.
මේ අතර අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ කොටපොල ප්‍රදේශයෙනි.
එය මිලිමීටර් 158 යි දශම 5 කි.
මේ අතර හැටන් – අවිස්සාවේල්ල මාර්ගය භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියැදුරන්ට දැනුම් දෙයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවිත විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවතින වර්ෂාවත් සමග කඳුකර ප්‍රදේශවල විශේෂයෙන් නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල සහ ගංගා ආශ්රිත පහත් බිම්වල ජීවත්වන ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.
12 Aug, 2022 | 08:24 PM
12 Aug, 2022 | 06:48 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS