සඳුදා සිට සිකුරාදා දක්වා කොන්සියුලර් අංශය විවෘතයි

සඳුදා සිට සිකුරාදා දක්වා කොන්සියුලර් අංශය විවෘතයි.. - විදේශ අමාත්‍යාංශය

by Staff writer 02-07-2022 | 8:35 AM

COLOMBO (News 1st); ලබන සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ සියලුම දිනවලදී කොන්සියුලර් කටයුතු අංශය මහජනයා සඳහා විවෘතව පවතිනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පැවසුවේ, කොන්සියුලර් සේවාවන් සඳහා පවතින විශාල ඉල්ලුම පිළිබඳව සලකා මෙම පියවර ගත් බවයි. යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද එලෙස විවෘතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.