ලංකාවෙන් ෆයිසර් මාත්‍රා මිලියන 6ක් මියන්මාරයට..

ශ්‍රී ලංකාවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 6ක් මියන්මාරයට..

by Staff writer 02-07-2022 | 5:22 PM

COLOMBO (News 1st); මෙරට පරිත්‍යාගයක් ලෙස ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 6ක් මියන්මාරයට ලබා දීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ , ඊට අදාළ ගිවිසුම්ගත වීම ලබන සතියේ සිදු කෙරෙන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීම මත මෙම කටයුතු සිදු කෙරෙනු ඇති. කොවිඩ් එන්නත්කරණය සඳහා මෙරට මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගය ඉදිරි මාස දෙක ඇතුළත කල්ඉකුත්වීමට නියමිතය.