බස් ගාස්තුව ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී..

බස් ගාස්තු ප්‍රදර්ශනය නොකරන බස්වලට එරෙහිව විනයානුකුල පියවර.. ජාතික ගමනාගමන කොමිෂන් සභාව

by Staff writer 02-07-2022 | 7:07 AM

COLOMBO (News 1st); බස් ගාස්තු ප්‍රදර්ශනය නොකරන බස් රථවලට එරෙහිව විනයානුකුල පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, ජංගම පරීක්ෂකවරුන් යොදවා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන බවයි.