පාස්පෝට් එක්දින සේවාව තවත් දිස්ත්‍රික්ක 3කට..

පාස්පෝට් එක්දින සේවාව සඳුදා සිට තවත් දිස්ත්‍රික්ක 3කට..

by Staff writer 02-07-2022 | 2:39 PM

COLOMBO (News 1st); ලබන සඳුදා සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව තවත් දිස්ත්‍රික්ක 03ක ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව වව්නියාව, මාතර හා මහනුවර දිස්ත්‍රික්කවල එම එක්දින සේවාව ආරම්භ කෙරේ. දැනට එක්දින සේවාව ක්‍රියාත්මක වන්නේ කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ පමණි. දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් අනතුරුව ලබන සඳුදා සිට වව්නියාව මාතර හා මහනුවර දිස්ත්‍රික් කාර්යාල වලින්ද විදේශ ගමන් බලපත්‍ර එක්දින සේවාවේ පහසුකම් ලබාගත හැකි බව ආගමන විගමන පාලක ජෙනරාල් සරත් රූපසිරි මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, දෛනිකව එක්දින සේවාවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා 3,000ක් කොළඹට පැමිණෙන බවය.